Hadith #1006Hadith #1006

Hadith #1006

Sinhala (සිංහල)

උත්තම නබි ﷺ තුමාණන්ගේ දරුවන් නබි ﷺ තුමාණන්ගේ උතුම් දරුවන් අතරින් සෙයියදුනා ඉබ්රාහීම් රළියල්ලාහු අන්හු තුමාණන් හැර අන් සියලු දෙනා මෙලොවට බිහි කරනු ලැබුවේ උම්මුල් මු:මිනීන් සෙයියිදා කදීජා රළියල්ලාහු අන්හා තුමිය විසිනි. සෙයියදුනා ඉබ්රාහීම් රළියල්ලාහු අන්හු තුමාණන් පමණක් සෙයියිදා මාරියතුල් කිබ්තියියාහ් රළියල්ලාහු අන්හා තුමිය විසින් බිහි කරනු ලැබුවාය. නබි තුමාණන්ගේ උතුම් පුතුන් තිදෙනාගේ නම් සෙයියදුනා අබ්දුල්ලාහ් සෙයියදුනා කාසිම් සෙයියදුනා ඉබ්රාහීම් තවද එතුමාණන්ගේ ආදරණීය දියණියන්ගේ නම් සෙයියිදා සෙයිනබ් සෙයියිදා උම්මූ කුල්සුම් සෙයියිදා රුකය්යාහ් සෙයියිදා ෆාතිමතුස් zසහ්රා රළියල්ලාහු අන්හුම් අජ්මඊන් මුලාශ්‍රය: ෂරහ් අල්-මවාහිබ්, 1 වන වෙ‌ලුම, 478 වන පිටුව

Reference: المواهب اللدنية، المقصد الثانى، الفصل الثانى فى ذكر أولاده الكرام

Available in Other Languages